අපි හැමෝම කැමති ආරක්ෂා වෙන්න.ඉතින් අද මම හඳුන්වා දෙන්න යන්නේ අඩු මුදලකින් ඔයා වගේම ඔයාට ආරක්ෂා කරගත යුතුම දේවල් ආරක්ෂා කරගන්න පුළුවන් අපුරු security kit එකක් ගැන. එහෙමත් නැත්නම් Smart Home Kit එකක් ගැන.
MI එහෙමත් නැත්නම් Xiaomi කිව්වම මතකෙට එන්නේ දුරකත හා ඒවාට සම්බන්ධ gadgets ගැන.නමුත් ඊටත් ඔබ්බට MI සමාගම විසින් අලුත් මාදිලියේ gadgets ලෝකෙට හඳුන්වා දෙමින් යනවා. Xiaomi Mijia Smart Home Security Kit එකත් අන්න ඒවගේම දෙයක්. අපි දැන් මේ Kit එක මොකද්ද මේකෙන් වැඩ කරගන්නේ කොහොමද කියල බලමු.

මේකේ බලු බැල්මට අපිට පේනවා පොඩි gadget 5ක්. ඒ වගේම මේ අයිනෙන් තියෙන්නේ මේකේ උපදෙස් පත්‍රිකාව.ඒ වගේමයි අනෙකුත් ස්මාර්ට් security system වගේම මේ උපාංගත් ක්‍රියාත්මක වෙන්න නම් ඔයාට SMART දුරකතනයක් වගේම හොද WIFI connection එකක් තිබිය යුතුමයි. හරි මන් දැන් ඔයාලට මේ එක එක gadget එකෙන් වෙන්නේ මොනවද කියන එක පැහැදිලි කරලා දෙන්නම්.

මේ සුදුපාටට රවුමක් වගේ තියෙන්නේ Xiaomi Mijia Smart Home Kit එකේ ප්‍රධානම උපකරණය. මේකට අපි Gateway එක. එහෙමත් නැත්නම් බහුකාර්ය දුරස්ථ පාලකය කියලත් කියන්න පුළුවන්. මේ තියෙන අනිකුත් gadgets හතර gateway එකත් එක්ක සම්බන්දවෙන අතර gateway එකෙන් කරන්න පුළුවන් තවත් වැඩ කිහිපයක්ම අපට බලාගන්න පුළුවන්. මේ gateway එක අපිට night lamp එකක් ආකාරයෙන් alarm එකක් ආකාරයෙන් එහෙමත් නැතිනම් speaker එකක් ආකාරයෙන් උනත් භාවිතා කරගන්න පුළුවන්.
මේ තියෙන්නේ control switch එක. මේක single tap ,double tap ,long press කියන ක්‍රම විධානයන් යටතේ පාලනය වන ඉතාමත් පහසු gadget එකක්. තවත් ලේසියෙන් කියනවානම් ඔයා නින්දට යන්න කලින් gateway එකට සම්බන්ධවූ විදුලි පහන , ගෘහ විදුලි උපකරණයක් මේ switchය මත දෙවරක් තට්ටු කිරීමෙන් නිවා දැමීමට පුළුවන්. ඒ වගේම මේ දේවල් නැවත on කරන්නත් මේකෙන් පුළුවන්.හරිම ලෙසී.
ඊළගට මේ තියෙන්නේ Human Body Sensor එක.ඇත්තටම මේකත් මේ kit එකේ තියන තවත් වැදගත් gadget එකක්. Gateway එකට සම්බන්ධ කලාට පස්සේ මේක අපුරුවට වැඩ කරන්න ගන්නවා. ඇත්තෙන්ම මේකේ මොකක්ද තියන වැදගත්කම කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.ඔයා ගෙදර නැති වෙලාවක හොරෙක් අවොත්..එහෙමත් නැත්නම් ගෙදර ඇතුලේ ඉන්න වෙලාවක හරි මේ sensor එක ලගින් කෙනෙක් ගමන් කලොත් ඔයාට gateway එකෙන් alarm එකක් ලැබෙනවා ඒ වගේම ෆොනේ එකටත් notification එකක් එනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ අනෙකුත් MI විදුළි උපාංග සමග මෙය සම්බන්ධ කරන්නත් පුළුවන්. Sensor එකත් එක්ක MI විදුලි බල්බය සම්බන්ධ කිරීමෙන් sensor එක හරහා ගමන් ගද්දි විදුලි බල්බය පවා on වන විදියට මෙය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේක ඕනෑම තැනක පහසුවෙන් තැබිය හැකි කුඩා gadget එකක් නිසා කව්රුවත් දැනගන්න එකකුත් නැහැ.
ඔයාලට දැන් පුළුවන් උඩ තියෙන video එක click කරලා Xiaomi Mijia Smart Home Kit එක කියන්නේ මොකද්ද එකෙන් වැඩ කරගන්නේ කොහොමද කියල බලාගන්න.
මේ වගේ තවත් videos ඔයාලට බලන්න කැමතිනම් අපේ TechBreez YouTube Channel එක subscribe කරන්න.



